FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව සමහරක් ක්‍රීඩකයන් බව ෆොර්ඩ් හෙළි කරයි..

ඇතැම් ක්‍රීඩකයන් පත්ව සිටි අධික වෙහෙසකාරී බව තරග පරාජයට හේතුවක් වූ බව එක්දින තරගාවලිය තරග 5-0ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ෆෝඩ් මහතා “අපේ සමහරක් ක්‍රීඩකයන් දීර්ඝ කාලයක් දකුණු අප්‍රිකාවෙ රැඳෙමින් ටෙස්ට්, එක්දින සහ විස්සයි -20 තරගාවලි 3ටම සහභාගි වුණා. ක්‍රිකට් ක්‍රීඩා කරන අපි වගේ පොඩි රටවල්වලට එක් එක් තරග රටාවන් සඳහා වෙන් වූ ක්‍රීඩකයන් සොයා ගන්න අපහසුයි. එය මේ ප්‍රතිඵලයට එක් හේතුවක් වුණත් ඒක අපි ලැබූ පරාජයට නිදහසට කාරණාවක් නෙවෙයි” යනුවෙන්ද ප්‍රකාශ කළේය.