FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වහලය මත උපවාසයක්…

 

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කම්කරුවන් පිරිසක් මේ වන විට ක්‍රීඩාංගනයේ වහලය මත නැගී උපවාසයක නිරත වේ.

කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කම්කරුවන් 11 දෙනෙකු උපවාසයට එක්ව සිටින අතර ඔවුන් ප්‍රකාශ කළේ වසර 10ක කාලයක් සේවය කල ඔවුන්ව මෙතෙක් සේවයේ ස්ථිර කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැති බවයි.

තම සේවය ස්ථීර කරන තුරු උපවාසය ක්‍රියාත්මක කරන බවද ඔවුන් ප්‍රකාශ කරන ලදි.