ඉන්දියාවේ කාන්පූර්හිදී එංගලන්තය සමග පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ඊයේ(26) රාත්‍රියේ කඩුලූ 07කින් පරාජයට පත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට නියමිත පන්දුවාර විස්සේ දී ලබාගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.
මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 36 ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී මොයින් අලි ලකුණු 21කට කඩුලූ 02ක් දවාගත් අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලූ 03 ක් පමණක් දැවී තිබිය දී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකරන ලදි.
ඉන්දියාව මෙම පරාජය ලැබුවේ එරට 68 වන ජනරජ දිනය යෙදී තිබූ ඊයේ(26) දිනයේ වීම ද විශේෂත්වයකි.










