FAST NEWS

24×7 Around the Globe

පළමු T20 ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 19 ක පරාජයක්..

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟයෙන් ලකුණු 19ක ජයක් හිමි කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.

තරඟය දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හීදී පැවැත්වුණි.

තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් පිලකට පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබුණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය දකුණු අප්‍රිකාණු කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව නියමිත පන්දුවාර 10 අවසානයේ ඔවුන් කඩුලු 05ක් දැවී ලකුණු 126ක් රැස් කළේය.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 2ක් ද සුරංග ලක්මාල් සහ සීක්කුගේ ප්‍රසන්න එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 43යි.

ධනංජයද සිල්වා ලකුණු 27යි.