FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නිළි කරීනාගේ බැංකු ගිණුමකට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයි…

 

ජනප්‍රිය නිළි කරීනා කපූර්ගේ බැංකු ගිණුමකට හැකර් ප්‍රහාරයක් එල්ලවූ බව ඉන්දියානු විදෙස් මාධ්‍ය සඳහන් කරන ලදි.

පොලීසිය ප්‍රකාශ කළේ ඉන්දියාවේ චටිෂ්ගාර් ප්‍රදේශයේ වෙසෙන 26 වියැති මනිෂ් තිවාරි නම් මෙම හැකර්කරුවා, කරීනාගේ ආදායම් බදු ගිණුමට ඇතුළු වී ඇති බවයි.

පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මේ තරුණයා, කරීනාගේ ජංගම දුරකථන අංකය අන්තර් ජාලයෙන් ලබාගෙන ඉන් පසුව කිසියම් ක්‍රමයකින් ඇගේ ආදායම් බදු ගිණුමට පිවිස, අදාළ විස්තර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති බවයි.

මේ බව සොයා ගෙන ඇත්තේ කරීනාගේ වරලත් ගණකාධිකාරී ප්‍රකාශ් ථක්කාර් විසින් වන අතර පසුව, ඔහු මේ ගැන පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, මේ ‘හැකර්’ තරුණයාව චටිෂ්ගාර් හිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මේ තරුණයා කරීනා සමඟ කතාබහ කිරීමට සිහින දකිමින් සිටි බවත් පොලීසිය ප්‍රකාශ කරන ලදි.

වීඩියෝව පහතින්..