FAST NEWS

24×7 Around the Globe

කටාර් පාපන්දු කණ්ඩායම ෆිෆා වර්ගීකරණයේ ඉහළ නගී..

ෆිෆා ආයතනයේ අලුත්ම මාසික ශ්‍රේණිගත කිරීම පසුගියදා ප්‍රකාශයට පත් වූ අතර එම ශ්‍රේණිගත කිරීමට අනුව කටාර් ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමෙන් 85 වැනි ස්ථානයටත්, ආසියානු මට්ටමෙන් 9 වැනි ස්ථානයටත් පත්ව තිබේ.

මීට පෙර කටාර් රාජ්‍යය පසුවූයේ 87 වැනි ස්ථානයේය.

ප්‍රසාද ලකුණු 1,634 ක් ලබාගත් ආර්ජෙන්ටිනාව මෙම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ගේ දකුණු ඇමෙරිකානු ප්‍රතිවාදියා වන බ්‍රසීලය (ප්‍රසාද ලකුණු 1,544) දෙවැනි ස්ථානය සහ ලෝක ශූර ජර්මනිය (1,433) තෙවැනි ස්ථානයත් හිමි කරගෙන සිටියි.

ස්ථාන 6 ක් ඉදිරියට පැමිණි සෞදි අරාබිය 48 වැනි ස්ථානයට පත්වෙමින් හොඳම රටවල් 50 අතරට ඇතුළත් වී ඇති අතර නැවත වරක් 57 වැනි ස්ථානය දිනා ගැනීමට මොරොක්කෝවට හැකිවී තිබේ.