FAST NEWS

24×7 Around the Globe

ගිනි අවි නඩුවෙන් සල්මන් ඛාන් නිදහස්..

නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගත්තැයි  ඉන්දියාවේ ජනප්‍රිය නළු සල්මන් ඛාන්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට රාජස්තාන් අධිකරණයක් අද (18) නියෝග කළේය.

1998 වසරේ දී බලපත්‍ර රහිත ගිනි අවියක් ළඟ තබා ගෙන මුව දඩයමේ ගියැයි ඔහුට එරෙහිව චෝදනා නඟා තිබිණි.

එම නඩුව පවරා තිබූණේ ගිනි අවි පනත යටතේය.