FAST NEWS

24×7 Around the Globe

“සරිගම” චිත්‍රපටයේ සියලුම ගීත ඇතුළත් සංයුක්ත තැටිය නිකුත් වෙයි…

 

ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ දැනට තිරගතවන “සරිගම” සංගීතමය චිත්‍රපටයේ සියලුම ගීත ඇතුළත් සංයුක්ත තැටිය එළිදැක්වීම පසුගියදා(10දා) කොළඹ හැව්ලොක් සිටිහි Club House පරිශ්‍ර‘යේදී සිදුකෙරිණි.

සංගීතමය චිත්‍රපටයක් වන “සරිගම” චිත්‍රපටයේ ගීත 13 ක් ඇතුළත් වන අතර
එහි සියලුම ගීත රචනා කර ඇත්තේ ආචාර්ය සෝමරත්න දිසානායක විසින් වන අතර, සියලුම ගීත සඳහා සංගීතය නිර්මාණය කර ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනි.

ගීත ගායනයේදී විශාරද නන්දා මාලනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද උරේෂා රවිහාරි, විශාරද ශෂිකා නිසංසලා, විශාරද හර්ෂණ දිසානායක සහ ළමා ගායක ගායිකාවෝ පිරිසක් සහභාගි වෙති.

මිලදී ගන්නා සෑම සංයුක්ත තැටියක් සමග සරිගම චිත්‍රපටයේ ගීත රචනා ඇතුළත් පොතක් නොමිලේ ලැබෙනු ඇති අතර සරිගම චිත්‍රපටය ප්‍රදර්ශනය වන සිනමාහල්වලින් මෙම සංයුක්ත තැටිය විශේෂ සහන මිලකට ලබාගත හැක.