‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවේ නෙවිල් ලොන්බොටම්ගේ චරිතය නිරූපණය කළ මැතිව් ලෙවිස් තම පෙම්වතිය වන ජනප්‍රිය නිළි ඇන්ජලා ජෝන්ස් සමඟ පසුගියදා විවාහ ගිවිස ගනු ලැබීය.
මැතිව් සහ ඇන්ජලා මාස 10ක පමණ කාලයක් තිස්සේ පෙමින් වෙලී සිටි නමුත් ඒ කාලය තුළ දෙදෙනා අතර තරමක ගැටුම්කාරී වාතාවරණයක් තිබූ බව හොලිවුඩ් මාධ්‍ය සඳහන් කරන ලදි.
ඇන්ජලා ජෝන්ස්, මැතිව් සමඟ විවාහ ගිවිස ගත්තේ ඇගේ නීත්‍යනුකූල විවාහය කටුගා දැමීමෙන් බවද වාර්තා වේ.
විවාහ ගිවිස ගැනීමෙන් පසුව නව යුවළ ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන වෙත පිටත්ව ගොස් ඇති අතර එහිදී හමුවූ මාධ්‍යවේදීන්ට සහ කැමරා ශිල්පීන්ට ඇන්ජලා තම සුරතෙහි රැඳි විවාහ ගිවිස ගත් බව හැඟවෙන වටිනා දියමන්ති මුදුවේ කාන්තිය පෙන්වනු ලැබුවේ ආඩම්බරයෙන් බවද සදහන් වේ.
මැතිව් සහ ඇන්ජලා, අයිෆල් කුලුන ඉදිරිපිට දී මෙවැනි ‘සන්දර්ශනයක්’ පැවැත්වීමට විශේෂයෙන් හේතුවී ඇත්තේ මැතිව්, ඇන්ජලාට විවාහ යෝජනාව යොමු කර ඇත්තේ අයිෆල් කුලුන ඉදිරිපිටදී වීමයි.
එසේම මැතිව්ට ඇන්ජලාව මුණ ගැසී ඇත්තේ යුනිවර්සල් චිත්‍රාගාරයේදී බවද තතු දන්නා උදවිය පවසනු ලබති.
ඡායාරූප පහතින්..

‘හැරී පෝටර්’ චිත්‍රපටයේ නෙවිල් ලොන්බොටම්ගේ චරිතය නිරූපණය කළ අවධියේ..

විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව..









