කොළඹ වරායේ පිවිසුම් දොරටු කිහිපයක් ඉදිරිපිට මේ වන විට පිරිස් කිහිපයක් විරෝධතාවයක යෙදී සිටිනවා. ඒ, වරායේ සේවය කරන පුද්ගලික ආයතනවලට අනියුක්ත තැනැත්තන්ට වරායට ඇතුලූවීම සදහා නිකුත් කරන බලපත‍්‍රවල ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින්.
කොළඹ වරායේ ඉගුරුකඩේ හංදියේ බහාලූම් මෙහෙයුම් දොරටුව සහ ද සේරම් දොරටුව ඉදිරිපිට වැඩිපුර පිරිසක් රැස්ව සිටිනවා. නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්වීම සදහා රැකවල් දැඩි කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.








