වෙනිසියුලානු ජාතික නිරූපන ශිල්පිනියක් වන ෂැනෝන් ඩී. ලීමා සමග පැවති වසර දෙකක විවාහ දිවියට තිත තබමින් සුපිරි ගායක මාර්ක් ඇන්තනී සිව්වන වරටත් දික්කසාද වී තිබේ.
මාර්ක් ඇන්තනී මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවන අතර ෂැනෝන් ඩී. ලීමා 28 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වේ.
ඔවුන්ගේ දික්කසාදයට හේතු වී ඇත්තේ තවත් සුපිරි ගායිකාවක් වන ජෙනිෆර් ලෝපේස් ඉකුත් මාසයේ පැවති සම්මාන උළෙලක් අතරවාරයේ මාර්ක් ඇන්තනී විසින් සිප ගැනීමයි.
ජෙනිෆර් ලෝපේස් යනු මාර්ක් ඇන්තනීගේ තුන්වන බිරිඳ වන අතර ඔවුන් 2014 දී දික්කසාද විය.
ඡායාරූප පහතින්..










