FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගගා රෝගාතුර වේ…

ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගගා, මෙම දිනවල දැඩි ආතතිමය තත්ත්වයකින් පීඩා විඳින බවත් එහෙයින් ඇගේ සියලුම කටයුතු අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එසේම ගාගාගේ මෙම තත්වය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තරමටම අසාධ්‍ය තත්ත්වයකට හැරී ඇති බවද පැවසේ.

මේ වන විට PTSD හෙවත්Post Traumatic Stress Disorder නම් රෝගී තත්ත්වයට ලක්ව සිටින ලේඩි ගගා ප්‍රතිකාර ගැනීම සඳහා ඉක්මනින්ම රෝහල් ගත කළ යුතු බව ඇගේ සමීපතමයන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

කුඩා කල සිට ඇය විඳි සමහර අත්දැකීම් මෙයට හේතු පාදක වී ඇතැයි යන්න වෛද්‍ය මතය වී ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.