FAST NEWS

24×7 Around the Globe

දකුණේ මාර්ග කිහිපයක බස් වර්ජනයේ.

මාතර සිට ප්‍රදේශ කිහිපයකට ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ අදත්(06) වැඩවර්ජනයේ නිරත වනවා.

දෙයියන්දර, මුලටියන, ඌරුබොක්ක, කොටපොල, රොටුඹ සහ පනාකඩුව යන ප්‍රදේශවලට ධාවනය කෙරෙන බස් රථ මෙලෙස වැඩවර්ජනයේ නිරත වේ.

හක්මණ ඩිපෝවේ සේවකයන් පිරිසක් දෙයියන්දර නගරයේ දී පෞද්ගලික බස් රථයක රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය පළ කිරීම සදහා ඊයේ(05) උදෑසන සිට මෙම වැඩවර්ජනය සිදුකෙරෙනවා.

පොලීසිය පවසන්නේ පහරදීම සිදුකළ බව කියන ශ්‍රී ලංගම සේවකයෙකු සහ පහරදීමට ලක්වූ රියදුරා හා කොන්දොස්තරවරයා ද අත්අඩංගුවට ගෙන තිඛෙන බවයි.

කෙසේවෙතත් අදාළ රියදුරා සහ කොන්දොස්තරවරයා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.