FAST NEWS

24×7 Around the Globe

වසරේ ජාත්‍යන්තර නිරූපිකාව ලෙස Gigi Hadid තේරී පත්වෙයි… (ඡායාරූප)

 

The cream of high 2016 බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උලෙළ පසුගියදා ලන්ඩන් නුවර Royal Albert ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් අවසන් විය.

මෙහිදී දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ Gigi Hadid වසරේ ජාත්‍යන්තර නිරූපිකාව ලෙස තේරී පත්ව තිබේ.

මෙම සම්මාන ප්‍රධාන උත්සවයට Lady Gaga සහ Kate Moss යන සුප්‍රසිද්ධ තරු ඇතුළු විශාල පිරිසක් පැමිණ තිබේ.

ඔවුන් රතු පලස මතින් ගමන් කිරීමේදී විවිධ විලාසිතාවලින් සැරසී සිටි ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක් විදෙස් මාධ්‍ය ප්‍රචාරය කර තිබුණේ මෙලෙසයි.