FAST NEWS

24×7 Around the Globe

දකුණු ඉන්දීය සිනමාවේ රජු රැජිනි කාන්ත් අනතුරකට ලක්ව රෝහල්ගත කෙරෙයි.

 

කොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවක් වන රැජිනි කාන්ත් චිත්‍රපට රූ ගතකිරීමක් අතරතුර තුවාල ලබා තිබේ.

ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය සඳහා චෙන්නායි නුවරදී පෙරේදා(03) රාත්‍රියේ සිදුකළ රූ ගතකිරීමක් අතරතුර මෙලෙස වම් පාදයට තුවාල සිදුවූ රැජිනි කාන්ත් රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

කෙසේ නමුත් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ඔහු තුවාල ලැබූ පුවත ප්‍රකාශ කිරීමට මැලිවූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ලදි.

බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් ඇතුලු සිනමා තරු රැසක් රඟපාන ටූ පොයින්ට් සීරෝ චිත්‍රපටය නිපදවනු ලබන්නේ ඉන්දීය රුපියල් කෝටි 400 ක වියදමින්ය.

ඔස්කාර් සම්මාන ලාභී ඒ.ආර්. රහුමාන් ඊට සංගීතය සපයනු ලබයි.