FAST NEWS

24×7 Around the Globe

රිතික් සහ ෂාරුක් සීතල යුද්ධයේ කටකතා වලට තිත තබයි…

 

බොලිවුඩ් පුරවරයේ එකිනෙකා අතර ඕනෑ තරම් සීතල යුද්ධ ඇති නමුත් පසුගිය කාලයේ රිතික් රොෂාන් සහ ෂාරුක් ඛාන් අතරත් එවැනි සීතල යුද්ධයක් පැවැතුණ බවට කටකතා පැතිර ගියේය.

එසේ වීමට හේතුව ලෙස ෂාරුක්ගේ රේඊස් චිත‍්‍රපටය තිරගත වන දිනය පසුකර රිතික්ගේ කාබිල් චිත‍්‍රපටය ඉදිරියට පැමිණීම පිළිබඳ ගැටළුවක් වී ඇති නමුත් ඔවුන් දෙදෙනාගේ දිගු කාලීන මිත‍්‍රත්වය ගැන දැන සිටි අය එය විශ්වාස කළේ නැත.

මෑතකදී පැවැත්වුණු සාදයක ඔවුන් දෙදෙනා එකට සහභාගී වූ කළ සියලූම කටකතාවලට තිත තැබිණ.

‘‘මටයි ෂාරුක්ටයි කතාකරලා විසඳගන්න බැරි දෙයක් නෑ. අපි එකිනෙකාව හොඳින් තේරුම් අරන් ඉන්නේ.’’ සාදයෙන් පසුව පුවත්පතකට අදහස් දක්වමින් රිතික් රොෂාන් පැවසුවේය.