FAST NEWS

24×7 Around the Globe

මෙගන් මාර්ක්ල් හොලිවුඩ් නිළියට එළිසබෙත් රැජීනගෙන් විරෝධය එල්ල වෙයි…

 

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන හොලිවුඩ් ( Hollywood ) නිළියන්ගෙන් තමන්ගේ රජ පවුල බේරාගැනීමේ මෙහෙයුමක වෙහෙසෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

එයට හේතුව ඇගේ මුණුපුරු හැරී කුමරුගේ පෙම් සබඳතාව බව සඳහන් වේ.

එළිසබෙත් රැජනගේ මුණුපුරකු වන හැරී කුමරු හොලිවුඩ් නිළියක සමග පෙම් සබඳතාවකට මුලපුරනු ලැබූ පුවත පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවිවල නිරන්තරව වාර්තා වී තිබිණ.

එසේම හැරී කුමරු සහ මෙගන් මාර්ක්ල් සමග ඇති සබඳතාවය දැන් බොහෝදෙනා දන්නා පුවතක් වී හමාරය.

කෙසේවුවද තවමත් මේ පෙම් සබඳතාව පිළිබඳව අදහස් දැක්වීමට හැරී කුමරුන් හෝ මෙගන් ඉදිරිපත් නොවූ බවද සඳහන් වන අතර පැතිරී ගිය ආරංචිමාර්ග අනුව මහ රැජින මේ සම්බන්ධව නොසතුටු වන බව සඳහන්ය.

මහ රැජින මෙම සම්බන්ධය වහාම නතර කරන ලෙස හැරී කුමරුට අණකර ඇතැයි සඳහන් වන අතර, හොලිවුඩ් නිළියක් තම පවුලට සම්බන්ධ වීම දැඩි සේ හෙළා දකින බවද ඇය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

හැරී කුමරුගේ නෑනා වන කේට් මිඩ්ල්ටන් කුමරියත් මේ සම්බන්ධයට එකසේ විරෝධය පළකර සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

එපමණක් නොව හැරීගේ ඥාති සොයුරියක වන සමන්තා ග්‍රාන්ට්ද මෙයට විරුද්ධ බව සඳහන් වන අතර ඔවුන් දෙදෙනාම පවසා ඇත්තේ මෙගන් හැරී කුමරුට නොගැළපෙන බවයි.