FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නිරූපිකාවක් වන මිරැන්ඩා කෙයර් විශාදයෙන් පෙලෙයි…

තමන් විශාදයෙන් පෙලෙන බව  ජනප්‍රිය නිරූපිකාවක් වන මිරැන්ඩා කෙයර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනක මාධ්‍ය වෙත ඇය පවසා තිබුණේ 2013 වසරේදී තම සැමියා වූ ඕලැන්ඩෝ බ්ලූම්ගෙන් වෙන්වූ පසුව තමන්ට විශාදය වැලඳුණු බවයි.

“මට ඒ රෝගී තත්ත්වයේ ගැඹුර අවබෝධ වුණේ නැහැ. නමුත් දැන් නම් මට ඒ ගැන යම් දැනීමක් තියෙනවා. අද මට තේරෙනවා, ඕනැම ප්‍රශ්නයකට උත්තරය තමන් ළඟම තිබෙන බව. ප්‍රශ්නයක් මතු වුණාම සන්සුන්ව වාඩි වෙලා හොඳින් හුස්ම අරගෙන තමන්ගේ අධ්‍යාත්මයට පිවිසෙන්න. එවිට විසඳුම් ලැබේවි”.

මිරැන්ඩාගේ පෙම්වතා වන්නේ සුප්‍රකට වෙබ් අඩවියක නිර්මාතෘවරයෙක් වන ඉවාන් ස්පිගල්ය.