FAST NEWS

24×7 Around the Globe

ලතින් අමෙරිකානු ගායක රිකී මාටින් සමංලිගික විවාහයක් ගිවිස ගනී..

ජනප්‍රිය ලතින් ඇමෙරිකානු ගායක රිකී මාටින් විවාහ ගිවිසගෙන ඇතැයි වාර්තා වේ.

ඊයේ (16) පැවති ‘දි එලන් ඩිජෙනරෙස් ෂෝ’ රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

තමා සමලිංගිකයෙකු බවට 2010 දී හෙළිදරව් කළ රිකී මාටින්, විවාහ ගිවිසගෙන ඇත්තේ සිරියාවේ ඉපිද ස්වීඩනයේ හැදීවැඩුනු 32 හැවිරිදි චිත්‍ර ශිල්පියෙකු වන ජ්වාන් යෝසෙෆ් සමගයි.

මීට වසරකට පමණ පෙරාතුව ජ්වාන් ගේ සිත්තම් දැකීමෙන් අනතුරුව ඔහුව හඳුනාගත් බව රිකී පවසයි.