FAST NEWS

24×7 Around the Globe

ෂාරුක්ගේ ‘FAN’ චිත්‍රපටය චීනයේ ප්‍රදර්ශනයට…

 

මේ වසරේ බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් මුලින්ම රඟපෑ ‘ෆෑන්’ චිත්‍රපටය එළැඹෙන සති අන්තයේ සිට චීනයේ නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.

සිය වියදම් මුදලද සොයා ගැනීමට අපොහොසත්වූ මෙම ෂාරුක්ගේ ‘ෆෑන්’ චිත්‍රපටය ඔහු රඟපෑ අසාර්ථක චිත්‍රපටයක් බවට පත්ව තිබේ.

2000 වසරේ සිට පසුගිය වසර දක්වා ඔහු රඟපෑ සියලු බොලිවුඩ් චිත්‍රපට අති සාර්ථකවූ අතර, මේ වසරේ ඔහු දායකවූ ‘ෆෑන්’ චිත්‍රපටය අසාර්ථක වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන කරුණක් වී තිබේ.

එහෙත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය මෙසේ අසාර්ථක වීමට හේතුව නම් ෂාරුක්ගේ ජනප්‍රියත්වය මෙම චිත්‍රපටය තුළ ඕනෑවටත් වඩා ඉදිරිපත් කිරීම හේතුවෙන් එය එසේ සිදුවන්නට ඇති බවයි.