FAST NEWS

24×7 Around the Globe

ලොක් පාපන්දු කුසලානයේ නිර්මාතෘ Silvio Gazzaniga මහතා අභාවප්‍රාප්ත වේ…

ලෝක පාපන්දු ශුරයින්ට පිරිනමන කුසලානයේ නිර්මාතෘවරයා වන Silvio Gazzaniga මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඔහු 95වන වියේ පසුවූ බව වාර්තා වේ.

ඒ මහතාගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇත්තේ තම පියා පෙර දින රාත්‍රියේ නිදාගත් නමුත් පසු දින අවදි නොවූ බවත් ඔහු නින්දේදීම මියගොස් සිටි බවයි.

19971 වසරේදී  Silvio Gazzanigaගේ දෑතින් වර්තමානයේ භාවිත වන ලෝක කුසලානය නිර්මාණය කෙරුණි.

ලෝක පාපන්දු සම්මේලනේ සභාපතිවරයා ප්‍රකාශ කොට අැත්තේ Silvio Gazzaniga අභාවය පාපන්දු ක්‍රීඩාවට දරාගත නොහැකි පාඩුවක් බවයි.

පාපන්දු ක්‍රීඩකයන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත පාපන්දු ලෝලින් ද ඇළුම් කරන පාපන්දු ලෝක කුසලානය කැරට් 18 රත්‍රං යොදා ගනිමින් කිලෝග්රෑම් 06ක් බරට නිර්මාණය කර තිබේ.

Silvio Gazzaniga විසින් නිර්මාණය කල ලෝක කුසලානය ජයග්‍රාහී කණ්ඩායම් අතර බෙදී ගොස් ඇත.