FAST NEWS

24×7 Around the Globe

ප්‍රභාස් සහ පරිනීති දකුණු ඉන්දීය චිත්‍රපටයක රගපෑමට එක් වෙයි…

 

‘බාහුබලි’ ( Bahubali ) චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වු ප්‍රභාස් ඉදිරි වසරේදී බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යොවුන් නිළියක වූ පරිනීති චොප්රා සමගින් දකුණු ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ තිරගත වෙන අතර, ඉන් පසුව මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

දැනට ගණන් බලා ඇති අන්දමට මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉන්දීය රුපියල් කෝටි 150ක මුදලක් වෙන් කර තිබෙන බව සඳහන් වේ.

මෙම චිත්‍රපටය පරිනිතී දායක වෙන පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය වන අතර, ආර්. මුරුගුඩ්ස් මෙහි අධ්‍යක්ෂණය කරනු ලබයි.

එසේම මෙය සුන්දර ආදර කතාවක් රැගත් චිත්‍රපටයක් බවද වාර්තා වේ.