FAST NEWS

24×7 Around the Globe

“Froce 2″ චිත්‍රපටය නොවැම්බර් 18 සිට ලොවපුරා ප්‍රදර්ශනයට…

 

ජනප්‍රිය බොලිවුඩ් ( Bollywood ) සිනමා නළුනිළි යුවලක් වන සොනක්ෂි සින්හා හා ජෝන් ඒබ්‍ර්හිම් දෙදෙනා රංගනයෙන් දායක වන “Froce 2″ චිත්‍රපටය නොවැම්බර් 18 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු වලට එක්වෙමින් ඉතා කාර්යබහුලව සිටින ජෝන් මෙන්ම සොනක්ෂිද මාධ්‍යය හමුවේ පවසා ඇත්තේ මෙම චිත්‍රපටය අති සාර්ථක කර ගැනීමට වඩාත් මහන්සි ගන්නා බවයි.

සොනක්ෂි අවසන් වරට දායක වු “අකීරා” හා ජෝන් රංගනයෙන් එක්වු “ඩිෂුම්” චිත්‍රපට අසාර්ථක වුන අතර මේ නිසාවෙන් මොවුන් දෙදෙනා “Froce 2” චිත්‍රපටය සාර්ථක කර ගැනීම උදෙසා මෙතරම් මහන්සි ගන්නා බවත් සදහන්ව තිබේ.

මෙම චිත්‍රපටය චිනයේ, මැලේසියාවේ මෙන්ම තායිලන්තයේද රූපගත කර ඇති අතර, “Froce 2” චිත්‍රපටය එම රටවල් වලද වැඩි වශයෙන් ප්‍රදර්ශන කිරීමට මෙම චිත්‍රපට කණ්ඩායම පියවර ගෙන ඇති බවද තොරතුරු වාර්තා වේ.