FAST NEWS

24×7 Around the Globe

‘සුළග අප රැගෙන යාවි’ සඳහා හොඳම චිත්‍රපටය ලෙස අන්තර්ජාතික සම්මානයක්…

ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවෙකු වන නුවන් ජයතිලකගේ ‘සුළග අප රැගෙන යාවි’ සිනමා සිත්තම ඉතාලියේ අන්තර්ජාතික සිනමා උළෙලක දී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

‘මෙත්‍රිකමන්තේ කොර්තෝ'( Metricamente Corto) සිනමා උළෙලට තෝරාගත් සිනමා පට 41ක් අතරින් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් ‘සුළග අප රැගෙන යාවි’ නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි.

මෙම චිත්‍රපටයට මීට පෙර ඇමරිකාවේ හූස්ටන් සිනමා උළෙල නියෝජනය කරමින් ලොව ප්‍රකට රෙමී සම්මානයද දිනා ගත්තේය.

‘සුළඟ අප රැගෙන යාවි’ නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ගත්කරු සයිමන් නවගත්තේගමයන් ගේ දියණිය වන මායා නවගත්තේගම යි.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීනතම සංගීතඥයෙකු වන පී එල් ඒ සෝමපාලයන් ගේ පුත් චිත්‍රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙම චිත්‍රපටයේ කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි.

දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති මෙම චිත්‍රපටයෙහි සියලුම ශබ්ද දර්ශන තලයෙහිදීම පටිගත කර තිබීම තවත් විශේෂත්වයකි.