FAST NEWS

24×7 Around the Globe

ඇබා කණ්ඩායම යළි එක් වෙයි..

ලොවපුරා අතිජනප්‍රිය පොප් සංගීත කණ්ඩායමක් වන ඇබා කණ්ඩායම යළිත් එක් වන බව වාර්තා වේ.

ඔවුන් මෙලෙස එක්වන්නේ නව ඩිජිටල් විනෝදාස්වාද ව්‍යාපෘතියක් සඳහා ය.

නවතම තාක්ෂණය යොදාගෙන සිදුකරන මෙම ව්‍යාපෘතිය නවමු අත්දැකීමක් වනු ඇතැයි පැවසේ.

මෙහි වැඩිදුර විස්තර ලබන වසරේදී නිවේදනය කිරීමට නියමිතය.

ස්වීඩනයේ පොප් සංගීත කණ්ඩායමක් වූ ඇබා මීට වසර 30කට පෙරාතුව විසිරී ගියද, පසුගිය ජුනි මාසයේ දී ඔවුන් සියල්ලම එක්වී ප්‍රසිද්ධ වේදිකාවක ගී ගයා තිබුණි.