FAST NEWS

24×7 Around the Globe

කොදව්වන් පරදා පාකිස්ථානය ලකුණු 133 ජයක් ලබයි…

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 133ක ජයක් හිමි කරගැනීමට පකිස්ථාන කණ්ඩායම ඊයේ (25) සමත්ව විය.

තරඟයේ කාසියේ වාසිය දිනා පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් ප්‍රථම ඉනීම සඳහා ලකුණු 452ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 224ක් ලබාගත්තේය.

පකිස්ථානය සිය දෙවන ඉනිම සඳහා කුඩුලු 02කට ලකුණු 227ක් ලබා සිටියදි ඉනිම අත්හිටුවන ලදී.

ලකුණු 456ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 322ක් පමණි.

කොදෙව් දෙවන ඉනිම ලකුණු පුවරුව..

(ක්‍රෙග් බ‍්‍රැත්වේට් 67, මාලන් සැමුවෙල්ස් 23, ජර්මේන් බ්ලැක්වුඞ් 95, ශායි හෝප් 41, දේවේන්ද්‍ර බිෂූ 26, රහත් අලි 69/1, යසීර් ෂා 124/6, සුල්ෆිකාර් බාබර් 51/2, මොහොමඞ් නවාස් 29/1)