කැරබියන් ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් මහේල ජයවර්ධන නියෝජනය කරන ජමෙයිකා තලවාස් කණ්ඩායම පරාජය කරමින් ඩිල්ෂාන් මුණවීර නියෝජනය කරන බාබඩෝස් ට‍්‍රයිඩෙන්ස් කණ්ඩායම ජය ලබා ගත්තා. මෙම තරගය පැවැත්වුණේ බාබඩෝස්හී කෙන්සින්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදියි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බාබඩෝස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 04ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ජමෙයිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09ක් දැවි රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණයි.
බාබඩෝස් කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ලකුණු 24ක් ලබා ගත්තා. ජමෙයිකා කණ්ඩායම නියෝජනය කළ මහේල ජයවර්ධන දැවි ගියේ කිසිඳු ලකුණක් නොලබායි.







