සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 142 ක විශිෂ්ට ජයක් වාර්තා කීරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියා වේ ආරධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 361 ක් රැස් කර ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 37.4 කදී සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 219 ක් පමණි.
එ සමගම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමට දකුණූ අප්‍රිකානු කණ්ඩායම සමත්ව සිටියි.
දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී ඕවර 50 කදී ලකුණු 361
(ක්වින්ටින් ඩි‘ කොක් 22, රිලී රුසොව් 75, ෆෆ් ඩු ප්ලෙසිස් 111, ජේ.පී. ඩුමිනි 82, ඬේවිඞ් මිලර් 26, ජෝන් හේස්ටිංග්ස් 57/3. මිචෙල් මාෂ් 68/2)
ඕස්ට්‍රේලියාව – සියලුදෙනා දැවී ඕවර 37.4කදී ලකුණු 219
(ඬේවිඞ් වෝනර් 50, ට්‍රැවිස් හෙඞ් 51, මැතිව් වේඞ් 33, ජෝන් හේස්ටිංග්ස් 23, කගීසෝ රබාඩා 31/2, වේන් පානෙල් 40/3, ඇන්ඩිලි පෙලුක්වායෝ 59/2)