FAST NEWS

24×7 Around the Globe

අරවින්දගෙන් තමාගේ දස්කම පෑ කුසල් ගැන මාධ්‍ය වෙත ප්‍රකාශයක්…

කුසල් මෙන්ඩිස්ගේ ඇත්තේ සන්සුන් ආක්‍ර‍මණකාරි පිතිකරණ ස්භාවයක් බව ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ශතකය පිළිබඳව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වා මහතාද සිය අදහස් දක්වමීන් පවසයි.

එසේම වැඩි දුරටත් අදහස් දැක් වු අරවින්ද ද සිල්වා

‘‘ඔහුගේ සන්සුන් ආක්‍ර‍මණකාරි පිතිකරණ ස්භාවය ඔහු කුමන ආකාරයේ පුද්ගලයෙක් ද යන්න පෙන්වනවා.

ක්‍රිකට් වල ලොකු දෙයක් කරන්න ඔහු සියලුම සුදුසුකම් සපුරා තිබෙනවා.

ඔහුගේ පිතිකරණ රටාව බොහෝ දුරට මහේල ජයවර්ධන වගෙයි.

ඔහු දිගටම මහේල පවත්වාගෙන ප්‍ර‍මිතිය පවත්වාගෙන ගියහොත් මහේල ක්‍රිකට් ඔස්සේ ලබාගත් තත්වය ඔහුටත් ලබාගත හැකියි.මම කුසල් මෙන්ඩිස් 19 පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන ආකාරය දැක තිබෙනවා.

ඔහුට විශාල හැකියාවක් තිබෙන බව මා දුටුවා.ඔහු ඉක්මනින්ම ජාතික කණ්ඩායමට පැමිණ දැන් හොඳින් ක්‍රීඩා කරනවා.‘‘

කුසල් මෙන්ඩිස් සිය ශතකය ලබාගත්තේ 6 පහරකිනි.

එම දස්කම කළ පළමුවැන්නා වූයේ අරවින්දද සිල්වා මහතා වන අතර පකිස්ථානයට එරෙහිව සිය පස්වන ටෙස්ට් තරඟයේදී ඔහුද මංගල ශතකය ලබාගත්තේ ඉම්රාන් ඛාන් එවූ පන්දුවකට 6 පහරක් ලබාගනිමිනි.