2016 සැප්තැම්බර් 16 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය වීමට නියමිත වික්‍රම් භාට්ගේ “රාස් රොබට්” චිත්‍රපටයේ ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
එසේම එම්රාන් හෂිම් හා නවක නිළි ක්‍රිති කර්බන්ඩා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටය මීට පෙර නිර්මාණය වූ “රාස්” චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බව බොලිවුඩ් වාර්තා පවසයි.
එසේම මීන් පෙර ප්‍රදර්ශනය වූ “රාස්” චිත්‍රපටවලට වඩා මෙම චිත්‍රපටයේ සරාගී දර්ශන රැසක් ඇතුළව ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටය බොහෝ දුරට වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලේබලය යටතේ ප්‍රදර්ශනය වනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.
පහත දැක්වෙන්නේ පසුගියදා එළිදක්වනු ලැබු “රාස්” චිත්‍රපටයේ “රාස් ආකේ තෙරේ” ගීතයේ රූප රචනාවයි.
[youtube url=”https://www.youtube.com/watch?v=8sQdvlb3c9I” width=”560″ height=”315″]
[youtube url=”https://www.youtube.com/watch?v=hKRpOttAxM8″ width=”560″ height=”315″]









