එංගලන්ත කණ්ඩායම සමග ඊයේ පැවැති එක්දින ක්‍රීකට් තරගයක් කඩුලූ 3කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. දෙපිල අතර තරග 5කින් යුත් තරගාවලියේ 3 වැනි තරගයද මෙයයි.
එංගලන්තයේ සදම්ප්ටන් හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන් කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු දෙකකදී සියලූ දෙනා දැවී ලකුණු 302 යි.
සිය ඉනිමේ 49 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදි එම ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට නවසීලන්තය සමත් වුණා. කේන් වියම්සන් ලකුණු 118යි. රොස් ටේලර් ලකුණු 110 ක් ලබා ගත්තා.







