FAST NEWS

24×7 Around the Globe

ෂාරුක් ඛාන් කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වෙයි.

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු වන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හොලිවුඩ් තරු වැජඹෙන කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේද කණ්ඩාමක්ද මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

බොලිවුඩ් තරුවක් වන ජුහී චව්ලා සහ ඇගේ සැමියා වන ජේ මෙහෙතා සමඟ එක්ව ඔහු එළෙස මිලදී ගෙන ඇත්තේ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ කණ්ඩායමයි.

මේ අනුව විදේශීය කණඩායමක් මිලදී ගත් ප්‍රථම ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායමක හිමිකරු බවට කින්ග් ඛාන් පත්වෙයි.

කැරීබියන් ප්‍රිමියර් ලීග් කණ්ඩායම් වල හිමිකාරීත්වය දරන හොලිවුඩ් තරු අතරින් මාර්ක් වොල්බර්ග් බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමෙහි හිමිකරු සහ ජෙරාඩ් බට්ලර් ජැමෙයිකා ටලාවාස් කණ්ඩායමේ හිමිකරු වෙයි.

තෙවන කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසරේ ජූනි 20 සිට 26 වනදා තෙක් පැවැත්වීමට නියමිත වේ.