FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත‍ය පරදා එංගලන්තයට දැවැන්ත ජයක්.

 

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ පැවති එක්දින ක්‍රිකට් තරගය ලකුණු 210කින් ජය ගැනීමට එංගලන්තය සමත්වුණා.

දෙපිල අතර තරග 05කින් යුත් තරගාවලියේ පළමු තරගය ද මෙයයි. බර්මින්හැම් හී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 09ක් දැවි ලකුණු 408යි.

නවසීලන්ත කණ්ඩායමේ පිළිතුරු ඉනිම ලකුණු 198කට සීමාවුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ පන්දු 77කදී ලකුණු 129ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩක ජෝස් බට්ලයි.