බහුතරයක් නොදන්නා ඒ.බී. ඩිවිලියර්ස්ගේ සැඟවුණු දස්කම්.

බහුතරයක් නොදන්නා ඒ.බී. ඩිවිලියර්ස්ගේ සැඟවුණු දස්කම්.

 

අවිවාදයෙන්ම වර්තමාන ක්‍රිකට් පිටියේ සිටින ප්‍රහාරකයා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියර්ස්ය. ක්‍රිකට් ලෝකයේ වේගවත්ම අර්ධ ශතකය, ශතකය හා ලකුණු 150ට හිමිකම් කියන්නේ ඔහුය.

මේ වනවිට ක්‍රිකට් පිටියේ සිටින දක්ෂතම පන්දු රකින්නාද ඩිවිලියර්ස් බව දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු රකින්නෙකු වූ ජොන්ටි රෝඩ්ස් පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ක්‍රිකට් ලෝකය පිළිබඳව උනන්දු වන අයෙක් දන්නේ ඩිවිලියර්ස් ක්‍රිකට් ලෝකයේ දැක්වූ දක්ෂතා පමණි. නමුත් ඔහු ක්ෂේත්‍ර ගණනක දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි. එසේම සංගීතඥයෙකි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික සම්මානලාභියෙකි. මේ ඔහුගේ දක්ෂතා කිහිපයකි.

01. ඔහු දකුණු අප්‍රිකාවේ කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ නායකයා විය.
02. දකුණු අප්‍රිකා පාසල් පිහිනුම් වාර්තා හයකට හිමිකම් කියයි.
03. දකුණු අප්‍රිකාවේ මීටර් සියයේ කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවට හිමිකම් කියයි.
04. අවුරුදු 19 පහළ දකුණු අප්‍රිකා ජාතික බැඩ්මින්ටන් ශූරයා විය.
05. ඔහු විද්‍යාත්මක ව්‍යාපෘතියක් වෙනුවෙන් මැන්ඩෙලා ජාතික සම්මානයෙන් පිදුම් ලබා ඇත.
06. ඔහු දකුණු අප්‍රිකා කනිෂ්ඨ ජාතික හොකී කණ්ඩායමට නම් විය.
07. ඔහු දකුණු අප්‍රිකා කනිෂ්ඨ ජාතික පාපන්දු කණ්ඩායමට නම් විය.
08. දකුණු අප්‍රිකා කනිෂ්ඨ ඩේවිස් කප් ටෙනිස් කණ්ඩායමේ සාමාජිකයෙකි.
09. ගොල්ෆ් ක්‍රීඩාවට දක්ෂතා දක්වයි.
10. ඔහු අර්ධකාලීන සංගීතඥයෙකි.
11. ගීටාර් වාදනය කිරීමට දක්ෂතා දක්වයි. ගීත ලිවීමටත් හපනෙකි.
12. 2010 වසරේදී ඇම්පී ඩු පෙරේස් හා එක්ව Maak Jou Drome Waar නමින් ගීත ඇල්බමයක් නිකුත් කළේය.
13. පොප් සංගීතයට ඔහු දක්ෂතා දක්වයි.