FAST NEWS

24×7 Around the Globe

පෙම්වතිය ඝාතනය කල සුපිරි ධාවක පිස්ටෝරියස්ට නිදහස.

 

මාස 10 ක පරිවාස කාලයකින් පසුව ආබාධිත දකුණු අප්‍රිකානු සුපිරි ධාවක ඔස්කා පිස්ටෝරියස් එළඹෙන අගෝස්තු 21 වැනිදා නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ, දකුණු අප්‍රිකානු නීතියට අනුව මෙලෙස පිස්ටෝරියස්ගේ දඬුවම් කාලය අවසන් වීමට නියමිත බවයි.

පසුගිය 2014 වර්ෂයේදී පිස්ටෝරියස්ට දඬුවම් නියම වූයේ සිය පෙම්වතිය වූ රීවා ස්ටීන් කෑම්ප් ඝාතනය කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් මෙහිදී පිස්ටෝරියස් සාපරාධී මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකු වුවත්, ඔහු සිතාමතාම සිය පෙම්වතිය ඝාතනය නොකළ බව දකුණු අප්‍රිකානු අධිකරණය තීරණය කළේය.

කෙසේ නමුත් රීවාගේ මවුපියන් මේ සම්බන්ධයෙන් සිය නොසතුට පළකොට ඇත.