FAST NEWS

24×7 Around the Globe

කි‍්‍රකට් තරගයක ඉනිමකදී පිතිකරුවෝ නව දෙනෙක් බින්දුවට දැවී යති.

චෙක් ජනරජයේ පැවැති පන්දුවාර හතලියේ අන්තර් සමාජ කි‍්‍රකට් තරගයකදී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු වන සුදේශ් වික‍්‍රමසිංහ සුපිරි පන්දු යැවීමක නිරත වුණා. බොහොමියන් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ ප‍්‍රාග් කණ්ඩායමට එරෙහිවයි. එහිදී සුදේශ් වික‍්‍රමසිංහ ලකුණු 17කට කඩුලූ 6ක් දවා ගැනීමට සමත්වුණා.

මෙම තරගයේ තවත් විශේෂත්වය වන්නේ ප‍්‍රාග් කණ්ඩායමේ පිතිකරුවන් 9 දෙනෙකුම ලකුණු නොලබා දැවී යාමයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බොහොමියන් කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ ලකුණු 126ක් රැස් කළා. එහෙත් එම ඉලක්කය හඹාගිය ප‍්‍රාග් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවි ලකුණු 54ක් පමණයි.

iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

gdfgfdgfdg