ඩිල්ෂාන්ගෙන් පන්දුවාර විස්සයි විස්ස වාර්තාවක්.

ඩිල්ෂාන්ගෙන් පන්දුවාර විස්සයි විස්ස වාර්තාවක්.

පන්දුවාර විස්සයි විස්ස තරග රටාවෙන් තවත් වැදගත් කඩඉමක් පසුකර යාමට තිලකරත්න ඩිල්ෂාන් සමත් වී සිටිනවා. එ මෙම තරග රටාවේ ජාත්‍යන්තර සහ පළමු පෙළ තරගවලදී ලකුණු හාරදහසක් සම්පූර්ණ කරමින්. එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලිය යටතේ ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනය කරමින් ඩර්හැම් කණ්ඩායම සමග පැවැති තරගයකදී ඔහු අදාළ කඩඉම පසුකර ගියා.

මෙවැනි දක්ෂතාවක් දැක් වූ ලෝකයේ 30 වැනි කී‍්‍රඩකයා වන්නේද තිලකරත්න ඩිල්ෂාන්. ඔහුට අමතරව තවත් ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනෙකුද මෙම දක්ෂතාව දක්වා තිබෙනවා. එ් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරයි. තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට පන්දුවාර විස්සයි විස්සේ තරග 178කට සහභාගි වී තිබෙනවා.