FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මොර්ටාසාට අනතුරක්.

 

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රාෆ් මොර්ටාසා සයිකල් රික්ෂෝ අනතුරකින් සුළු තුවාල ලබා තිබේ.

මේ නිසා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ජුනි 18 වනදා ආරම්භ වන එක්දින තරඟාවලියට ඔහුගේ යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන බව බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේය.

මීර්පූර් නුවර, ෂියර් – බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවති පුහුණු සැසියක් සඳහා ඊයේ පැමිණෙන විටයි ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේය.

මොර්ටාසා පැමිණි රික්ෂෝ රථය බස් රියක ගැටී ඇති අතර ඒ සමඟම ඔහු රික්ෂෝවෙන් ඉවතට පැනීම නිසා සිදුවී ඇත්තේ සීරීම් තුවාල පමණයි.

තමාගේ මෝටර් රථයෙන් තම දරුවා එන්නත් කිරීම සඳහා රැගෙන යාම හේතුවෙන් සයිකල් රික්ෂෝවකින් ක්‍රීඩාංගනයට පැමිණි බවයි මෝර්ටාසා සඳහන් කර ඇත.