FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නිළි බිපාෂා බාසු යුග දිවිය අභියස.

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන බිපාෂා බාසුගේ විවාහය ලබන මස 29වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඩිනෝ මොරායා, ජෝන් ඒබ්‍රහම්, හර්මන් බවේජා වැනි නළුවන් කිහිප දෙනෙක් සමඟ සම්බන්ධ වී සිටි බිපාෂා ඇගේ ජීවන සහකරු ලෙස තෝරාගෙන ඇත්තේද බොලිවුඩ් නළු‌වෙකි.

ඔහු කරන් සිං ග්‍රෝවර් වන අතර දෙදෙනාගේ සම්බන්ධයට මේ වනවිට වසර 2ක් ගතවී ති‌බේ.

දෙනාගේ විවාහය මුම්බායේ පිහිටි සුපිරි හෝටලක් වන පැලඩියම් හෝටලයේදී අලංකාරවත් ලෙස සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙය බිපාෂාගේ පළමු විවාහය වුවත් කරන්ගේ තෙවන විවාහය වේ. ඔහුගේ දෙවන විවාහයේ දික්කසාදය ලැබී ඇත්තේ පසුගිය මාසයේදීය.