දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ බී ඩිවිලියර්ස්ට සම්මාන ත්‍රිත්වයක් හිමිවී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේදීයි.
* වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා
* වසරේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයා
* වසරේ ක්‍රීඩාලෝලීන්ගේ ක්‍රීඩකයා
යන සම්මාන ත්‍රිත්වයයි ඒ.බී. ඩිවිලියර්ස් විසින් දිනා ගනු ලැබුවේ.
2014 වසරේ එක්දින තරග 28කට සහභාගි වී ලකුණු 1610ක් රැස්කර ගෙන සිටින ඩිවිලියර්ස්ගේ දළ වේගය 80.50ක් වනවා. ඊට ශතක 4ක් ඇතුළත්. එමෙන්ම වේගවත් ශතකයට ද ඒ බී ඩිවිලියර්ස් හිමිකම් කියනු ලබන්නේ පන්දු 31ක් තුළදී ලකුණු 100ක් වාර්තා කිරීමෙන්. ඒ ජොහැන්නර්ස්බර්ග් හිමි බටහිර ඉන්දීය කොදව්වන්ට එරෙහිවයි.
මේ අතර හෂීම් අම්ලා වසරේ ටෙස්ට් ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගෙන තිබෙනවා. ඔහු 2010 සහ 2013 යන වසර වලදී ද එම සම්මානය දිනා ගැනීමට සමත් වුණා.







