FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය පරාජය කල නවසීලන්තය අවසන් පුර්ව වටයට.

විස්සයි20 කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ පාකිස්තානය අතර මොහාලිහිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 22 ක ජයක් අත්කරගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයග‍්‍රහණය කිරීම සමත් වීම නිසා තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය හැකි විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

නවසීලන්තය –  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 180
(මාටින් ගප්ටිල් 80, කේන් විලියම්සන් 17, කෝරි ඇන්ඩර්සන් 21, රොස් ටේලර් නොදැවී 36, මොහොමඞ් සාමි 23/2, සහීඞ් අෆ්රිඩි 40/2)

පාකිස්තානය –  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 158
(සර්ජීල් ඛාන් 47, අහමඞ් ශේෂාඞ් 30, උමාර් අක්මාල් 24, සහීඞ් අෆ්රිඩි 19, ෂොයිබ් මලික් නොදැවී 15, ඇඩම් මිලන් 25/2, මිචෙල් සන්ට්නර් 29/2)