ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට – තරග සටහන.

ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට – තරග සටහන.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් පිල ලබන අගෝස්තු මාසයේදී තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

මෙහිදී තුන්දින පුහුණු තරගයක් සහ ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීන් එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තෙදින පුහුණු තරගය අගෝස්තු 12 සිට 14දා දක්වා කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.අවසන් වරට 2010 දී ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගාවලියේදී ගාල්ලේ තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර, පී. සරා පිටියේ පැවැති තරගයෙන් ඉන්දියාවට ජය හිමිවිය. එම තරගාවලියේදී මුත්තයියා මුරලිදරන් කඩුලු 800 සීමාව පසු කළේය.මෙවර තරගාවලියද වැදගත් වන බවට ඉඟි පළවී ඇති අතර, ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙම තරගාවලියේදී ටෙස්ට් පිටියෙන් සමුගනු ඇතැයි විශ්වාස කෙරේ.

එසේ වුවහොත් සිය උපන් ගම වන මහනුවරදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී සමුගැනීමට සංගාට අවස්ථාව උදාවී තිබේ.

තරග සටහන

අගෝස්තු 12-14 – තුන්දින පුහුණු තරගය
18-22 – ප්‍රථම ටෙස්ට් තරගය – ගාල්ල
26-30 – දෙවැනි ටෙස්ට් තරගය – එස්.එස්.සී

සැප්තැම්බර් 2-6 – තෙවැනි ටෙස්ට් තරගය – පල්ලෙකැ‍ලේ