FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්සෙන් පසු බසී.

ආසියානු කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස මීර්පූර්හිදී අද (28) පැවැති තරගයේදී සත්කාර බංග්ලාදේශ පිල ලකුණු 23 කින් ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ විස්සයි20 තරගයකදී පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර දෙරට අතර පැවැති තරග හතරම ශ්‍රී ලංකාව ජය ලබා සිටියේය.

ලකුණු 148 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 124 ක් පමණි.