ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිවා ඊයේ රාත්‍රීයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීයාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
ඉන්දියාව – ඕවර 20 කදී කඩුලූ 6 කට 166
(රෝහිත් ශර්මා 83, සුරේෂ් රයිනා 13, යුවරාජ් සිං 15, හර්දික් පාණ්ඩ්‍යා 31, අල් අමීන් හුසේන් 37/3)
බංග්ලාදේශය – ඕවර 20 කදී කඩුලූ 7 කට 121
(සබීර් රෙහෙමාන් 44, ඉම්රුල් කේයස් 14, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 16, අහමඞ් නොදැවී 15, අශීෂ් නේරා 23/3)








