ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා ජීවන රඟ මඬලෙන් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා ජීවන රඟ මඬලෙන් බැස යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94කි.

දඩයම, හඳයා වැනි චිත්‍රපට රැසක රංගනයට එක්වූ ජයවර්ධන මහතා ටෙලි නාට්‍ය රැසකද රංගනයට එක්වී ඇත.

කැලණි පාලම, මකරාක්ෂයා වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් එක්වී ඇති ඔහු හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ රංගනයටද එක්විය.

මිය යාමට පෙර ඒ මහතා දැඩි ලෙස රෝගාතුරවී සිටියේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයවර්ධන මහතා මොනරතැන්නේ රජ්ජුරුවන් ලෙස ප්‍රේක්ෂක සිත් සතන් අතර නොමැකෙන නමක් දිනා ගත්තේය.