FAST NEWS

24×7 Around the Globe

පන්දු යවන්නෝ 128කට පන්දු යැවීම තහනම් කරති.

2014-15 දේශීය ක්‍රීඩා සමාජ හා පාසල් ක්‍රිකට් තරගවලදී නීතිවිරෝධී අයුරින් පන්දු යවන්නන් 170ක් හඳුනාගත් බවත් ඔවුන්ගෙන් 42කුගේ පන්දු යැවීමේ ඉරියව් නැවත සකස්කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

කෙසේ වෙතත් තවත් 128දෙනෙකුගේ පන්දු යැවීමේ ඉරියව් නැවත සකස්කිරීමට අවශ්‍ය හේතුවෙන් ඔවුන් තාවකාලිකව ක්‍රිකට් තරග සඳහා යොදා ගැනීම වළක්වා ඇති බවත්, ඔවුන්ගේ පන්දු යැවීමේ ඉරියව් සකසා ගැනීම සඳහා කාලය ලබා දී ඇති බවත් ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.