FAST NEWS

24×7 Around the Globe

ජැක්සන්ගේ චරිතය ජෝසප් ෆයින්ස්ට.

මෙම වසරේ විකාශය ආරම්භ වීමට නියමිත විකට කතා මාලාවක එන මයිකල් ජැක්සන්ගේ චරිතය සඳහා සුදු ජාතික නළුවෙක් තෝරාගැනීම පිළිබඳව මේ දිනවල බටහිර කලා ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී තිබේ.

‘එලිසබත්, මයිකල් ඇන්ඩ් මාලන්’ ලෙස නම් කර ඇති මෙම කතා මාලාව මයිකල් ජැක්සන් ,එලිසබත් ටේලර් සහ මාලන් බ්‍රැන්ඩෝ යන ජනප්‍රිය පුද්ගලයින් තිදෙනා එක්වන සංචාරයක් තේමා කරගෙන නිර්මාණය වී ඇත.

බ්‍රිතාන්‍ය ජාතික නළුවෙක් වන ජෝසප් ෆයින්ස් එහි පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන්ගේ චරිතය සඳහා තෝරාගෙන ඇත.

ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන සඳහා මේ වසරේදී සුදු ජාතිකයෙකු නොවන කිසිදු අයෙක් නිර්දේශ වී නොතිබීම පිළිබඳ මේ දිනවල විවිධ චෝදනා එළ්ල වන අතර ඒ හේතුවෙන් ජැක්සන්ගේ චරිතය සඳහා සුදු ජාතිකයෙකු තෝරාගැනීම පිළිබඳවද වැඩි අවධානයක් යොමු වී තිබේ.