ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති බිග් බෑෂ් විස්සයි20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඇඩිලේඞ් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම පරදවා කඩුලූ 8 ක ජයක් අත්කරගත් සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායම පන්දු 14 ක් ඉතිරිව තිබියදී කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
සිඞ්නි කණ්ඩායම වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු උස්මන් කවාජා, පන්දු 59 කදී නොදැවී ලකුණු 104 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. ඔහුගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් විය.
ඇඩිලේඞ් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 159
(ටේ‍්‍රවිස් හෙඞ් 23, ඇලෙක්ස් රෝස් 47, මයිකල් නේසර් 27, ක්ලින්ට් මැකේ 44/3, ෂේන් වොට්සන් 28/2)
සිඞ්නි තන්ඩර්ස් කණ්ඩායම – ඕවර 17.4 කදී කඩුලූ 2 ක් දැවී 160
(උස්මන් කවාජා නොදැවී 104, හෙන්රි නිකලස් නොදැවී 35)








