සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තානය අතර එක්දින කි‍්‍රකට් තරගාවලියේ 3 වන සහ අවසාන තරගය ඊයේ විසඳුමකින් තොරව නිමා විය. එ් වර්ෂාව හේතුවෙන් අතරමගදී තරගය අතහැර දැමීම නිසායි. ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්වුනු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 296 යි.
සිම්බාබ්වේ කණ්ඩායම පිළිතුරු ඉනිම ආරම්භ කර පන්දුවාර 9ක් පමණක් කී‍්‍රඩා කිරීමේදී වර්ෂාවෙන් බාධා එල්ල විය .එ් වන විට ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 68ක් රැස් කර ගෙන සිටිය අතර වර්ෂාව නිසා තරගය නවතා දැමිය. දෙපිල අතර පළමු තරග දෙකම පාකිස්තානු කණ්ඩායම ජය ගත් අතර එ් අනුව දෙකට බින්දුවක් ලෙස තරගාවලියේ ජය පාකිස්තානයට හිමි විය.







