FAST NEWS

24×7 Around the Globe

2015 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මෙසීට.

2015 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්ව තිබෙනවා.

ඊයේ (11දා) ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී පැවැති සම්මාන උළෙලේදී මෙසී මෙම සම්මානය හිමිකර ගනු ලැබුවේ බ්‍රසීල ක්‍රීඩක නේමාර ද සිල්වා හා පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පරාජය කරමිනි.

පසුගිය වසර 8 තුළදී මෙසී මෙම සම්මානය හිමිකර ගත් පස්වැනි අවස්ථාව මෙය වන අතර ඉතිරි අවස්ථා තුනේදී එම සම්මානය හිමිකර ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබෙනවා. වසරේ පාපන්දු ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳුවේ ඇමෙරිකානු මැදපෙළ ක්‍රීඩිකා කාර්ලි ලියොඩ්ය.